ඌව පළාත් ආයූර්වේද දෙපාර්තමේන්තුවේ නිල අන්තර්ජාල බිහිදොර වෙත

සාදරයෙන් පිළිගනිමු ..!

දැක්ම

විශීෂ්ට වූ කාර්ය සාධනයක් තුළින් ගෞරවාන්විත රාජ්‍ය සේවයක්, නිරෝගීමත් සතුටු පවුලක්, සමෘද්ධිමත් රටක්.

මෙහෙවර

ආයුර්වේද හා දේශීය වෛද්‍ය ක්‍රමයන්හි ගුණාත්මක බව හා තිරසාර බව ප්‍රවර්ධනය,සංරක්ෂණය සහ සංවර්ධනය මගින් සෞඛ්‍යමත් නිරෝගි ජනතාවක් බිහිකිරීම

බතලයාය වකුගඩු රෝග පර්යේෂණ හා නිවාරණ ආයුර්වේද රෝහල විවෘත කිරීම

ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ අලුතින් ඉදී වූ  බතලයාය වකුගඩු රෝග පර්යේෂණ හා නිවාරණ ආයුර්වේද රෝහල විවෘත කිරීම ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්, පළාත් ආයුර්වේද කොමසාරිස්තුමිය ඇතුලු සම්භාවනීය අමුත්තන්ගේ හා  ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්සවයෙන් 2022.06.08 දින ජනතා අයිතියට පත් කිරීම සිදුවිය.   

කිරිඉබ්බන්වැව දිස්ත්‍රික් ආයුර්වේද රෝහල විවෘත කිරීම

ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන  කිරිඉබ්බන්වැව ආයුර්වේද රෝහල විවෘත කිරීම ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්, පළාත් ආයුර්වේද කොමසාරිස්තුමිය ඇතුලු සම්භාවනීය අමුත්තන්ගේ හා  ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්සවයෙන් 2022.07.14 දින ජනතා අයිතියට පත් කිරීම සිදුවිය.   

දියතලාව පළාත් ආයුර්වේද මහ රෝහලට ECG පහසුකම් සැළසීම

 දියතලාව පළාත් ආයුරවේද මහ රෝහලේ  හදිසි ප්‍රතිකාර ඒකකය සදහා අවශ්‍යතාවක්ව පැවති ECG යන්ත්‍රයක් එම රෝහලේ වෛද්‍ය නිලධාරී අමිල මහතාගේ පූරණ මැදිහත්වීම මත විදේශීය දානපතීන්ගේ ධන පරිත්‍යාගයෙන් ලබාගැනීමට හැකිවිය. එය  2023.04.21 දින ජනතා අයිතියට පත් කිරීම සිදුවිය.   

COVID-19 Situation Report

Total Confirmed Cases

Active Cases

Daily New Cases

Individuals currently under investigations in hospitals

Recovered & Discharged

Deaths

Source : Health Promotion Bureau, Last Update : 2022-12-13 12:13:24