අප ගැන


දැක්ම

විශීෂ්ට වූ කාර්ය සාධනයක් තුළින් ගෞරවාන්විත රාජ්‍ය සේවයක් නිරෝගමත් සතුටු පවුලක් සමෘද්ධිමත් රටක්

මෙහෙවර

ආයුර්වේද හා දේශීය වෛද්‍ය ක්‍රමයන්හි ගුණාත්මක බව හා තිරසාර බව ප්‍රවර්ධනය,සංරක්ෂණය සහ සංවර්ධනය මගින් සෞඛ්‍යමත් නිරෝගි ජනතාවක් බිහිකිරීම

 

ඌව පළාත් ආයුර්වේද  දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වගකීම් ක්ෂේත්‍ර ලෙස පහත සදහන් දෑ හදුන්වාදිය හැකිය.

  • සුවසත්කාරක සේවාව සංවර්ධනය කිරීම
  • නිවාර්ණ සත්කාරක සේවා සංවර්ධනය කිරීම
  • පාරම්පරික වෛද්‍යක්‍රම සංරක්ෂණය සහ සංවර්ධනය කිරීම
  • ධාරිතා සංවර්ධනය කිරීම
  • ආයුර්වේද සංචාරක ව්‍යාපාරය

ජනතාවගේ නීරෝගීභාවය උදෙසා සෞඛ්‍ය ආරක්ෂාව හා ප්‍රවර්ධනය,ප්‍රතිකාර පහසුකම් සැලසීම සහ ප්‍රජා සෞඛ්‍ය සංවර්ධනයට අවශ්‍ය ආයතන ඇති කිරීම හා සේවා සැපයීම් ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර්ධන ඒකක පිහිටුවා රෝගී සත්කාරක සේවාවන් සැලසීම හා රෝග පරික්ෂා කිරීමත් හා මහජන සෞඛ්‍ය සංවර්ධන කටයුතු ඉටු කිරීමත් සිදුවේ.

ඌව පළාත් ආයුර්වේද  දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස පළාත් ආයුර්වේද කොමසාරිස් කටයුතු කරනු ලබන අතර, සහකාර අයුර්වේද කොමසාරිස්, කෘෂි විද්‍යාඥ ,ගණකාධිකාරි, පරිපාලනනිලධාරි, ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය අධීක්ෂණ නිලධාරි,වෛද්‍ය නිලධාරි-ඔසු වගා යන  ප්‍රධාන තනතුරු යටතේ,ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ එක් එක් ක්ෂේත්‍ර වල කටයුතු මෙහෙයවනු ලැබේ.ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමෙන්තුව විසින් පාලනය කරනු ලබන ආයුර්වේද රෝහල් 09 ක් හා ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලා 21 ක් රෝගි සත්කාරක සේවා පවත්වාගෙන යනු ලබයි. මෙම රෝහල් අතරින් ප්‍රධාන රෝහල් ලෙස බදුල්ල දිස්ත්‍රික්කය තුළ,දියතලාව ආයුර්වේද මහ රෝහලත්, මොනරාගල දිස්ත්‍රික්කය තුළ මැදගම දිස්ත්‍රික් ආයුර්වේද රෝහලත් ස්ථාපිත කර ඇත.මෙම ආයතන පරිපාලනය සඳහා රෝහල් අධ්‍යක්ෂ හා වෛද්‍ය අධිකාරි තනතුරු ස්ථාපිත කර ඇති අතර,අනෙකුත් ආයුර්වේද රෝහල් සහ ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලා පරිපාලනය වෛද්‍ය නිලධාරින් විසින් සිදු කරනු ලැබේ.මෙම ආයතන වලට අමතරව ඖෂධ නිෂ්පාදනය සඳහා පළාත් මිරිස්වත්ත ඖෂධ නිෂ්පාදනාගාරය,  ඌවමාවෙලගම ප්‍රදේශයේ ස්ථාපිත කර මේවන විට නිෂ්පාදනන කටයුතු සිදුකරනු ලැබේ.පළාත් ඖෂධ උද්‍යානය බඩල් කුඹුර ප්‍රදේශයයේ ස්ථාපිත කොට ඇත.

අරමුණු

  • දේශිය ආයුර්වේද වෛද්‍ය ක්‍රම අනාගත ප්‍රයෝජනයට ගැනීම සඳහා සුරක්ෂිත කිරීම
  • දේශිය හා ආයුර්වේද වෛද්‍ය ක්‍රම ප්‍රවර්ධනය කර ගැනීමට නව තාක්ෂණික ක්‍රම යොදා ගැනීම
  • දේශිය හා ආයුර්වේද වෛද්‍ය ක්‍රමවල ප්‍රතිලාභ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම
  • පරිභෝජනයට පහසු නිමි ඖෂධ දේශීය වෙළෙඳපලට හදුන්වාදීම
  • ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය ගුණාත්මක අමුද්‍රව්‍ය ලබා ගැනීම  සඳහා පළාත තුළ ඔසු ගොවි ජනපද බිහි කිරීම.
  • පළාත තුළ ඔසු ගොවීන්ට ආර්ථීක වාසි ලබා ගැනීම හා සහන මිලට ඖෂධ සපයා ගැනීමේ අරමුණෙන් ප්‍රාදේශිය ඖෂධ මිලදීගැනීමේ මධ්‍යස්ථාන පිහිටු වීම