වසරකට පෙර, බණ්ඩාරවෙල මූලික රෝහලේ ආයුර්වේද ප්‍රතිකාර ඒකකය හා සුවතා මධ්‍යස්ථානය සීමිත සම්පත් මධ්‍යයේ, නමුත් පැහැදිලි දැක්මක් සමඟ සිය ගමන ආරම්භ කළේය.

මෙම කෙටි කාලය තුළ අපගේ ආයුර්වේද ප්‍රතිකාර හා සුවතා සේවාවන් පුළුල් කිරීමටත්, රෝගීන්ගේ විශ්වාසය දිනා ගැනීමටත් අපට හැකි විය. එමෙන්ම, වඩාත් යහපත් රෝගී සත්කාරයක් වෙනුවෙන් බටහිර වෛද්‍ය රෝහල් පද්ධතිය තුළ ආයුර්වේද වෛද්‍ය සේවාව ඒකාබද්ධ කිරීමේ පදනම තැබීමට හැකිවීම මෙම ගමනේ වැදගත්ම ජයග්‍රහණයකි.

2026/08/18 දින, අපගේ නව ආයුර්වේද සුවතා මධ්‍යස්ථානයේ ඉදිකිරීම් සඳහා පදනම තැබීමත් සමඟ එම දැක්ම තවත් පියවරක් ඉදිරියට ගමන් කරයි.